Tuesday, May 19, 2015

නිහඬ රහස්

දුරින් දුරින් 
අඩි තියාන 
හෙමින් හෙමින් 
හිනා වෙන්න ....
ඔබේ හිතේ සුවඳ අරන් 
මගේ හිතේ තැවර ගන්න 
නුහුරු කතා නොකීවට 
ඇස් දිහාම බලා ඉන්න 
නිහඬ බවත් 
රහස් කියයි 
දන්නැත්තම් 
ඉගෙන ගන්න .......

Monday, May 18, 2015

හඳක් නොඉල්ලා තරුවක් ඉල්ලුව
නිසා වෙන්න ඇති මෙච්චර නපුරුකම
හඳ උඹට කියලා
මට නිකම් ම තරු එපා කිව්වේ ...

ඔය හිතේ පහන් තරුවක් ඉන්න නිසා නෙහැ
හඳට එලිය ලැබෙන්නේ ඉරෙන් කියලා
තව
හඳ හැමදාමත් රෑ අඳුරට එලිය නොදෙන
නිසා මේක දාලා ඔය පහන් තරුව ලං කරගත්තට
ඔය තරුවත් දිලිසෙන්නේ ඉර එළියෙන් කියලා අමතක වුනාද ????

මල් කැකුල .....

අප්පච්චිගේ පුංචි මල් කැකුලට ......
ඔයා ඉපදෙන්නත් කලින් මාව දාලා ගියා දෝණි ... තරහක් නැහැ පුංචි දෝණි . එත් දුකයි . අප්පච්චිගෙයි අම්මිගෙයි කැමැත්ත ගොඩක් වෙනස් වෙලා තිබ්බේ දෝණි . අප්පච්චිට ඕනේ වුනේ පුංචි දෝණි කෙනෙක් . එත් අම්මිට ඕනේ වුනේ ලස්සන පුතෙක් . දෝණියාගේ අප්පච්චිගේ හැඩහුරුව තිබුන . එත් අප්පච්චි හැමවෙලේම කිව්වේ “ මට පුංචි දුවෙක් ඕනේ” කියලයි ....
ඒත් ,, අම්මිගේ කටේම තිබුනේ “නැහැ පුතෙක්. පුතාට පස්සේ අප්පච්චිට දුවෙක්” කියලා . එත් අප්පච්චිගේ කැමැත්තට අන්තිමට ඉඩ දෙන්න මට සිද්ද වුනා . දෝණි දන්නවද අප්පච්චි ඉස්සර අම්මිට විහිලු කරා . “අම්මිගේ පුත්තු තුන්දෙනා වෙනුවට දෝණිලා තුන්දෙනෙකුයි , මගේ දෝණි වෙනුවට එක පුංචි පුතෙක් හම්බුනොත් අම්මි මොකෝ කරන්නේ?” කියලා . ඒ වෙලේ මන් කිව්වේ “කමක් නැහැ. අප්පච්චි දෝණිලා තුන්දෙනා බලාගන්න මන් මගේ පුංචි පුතුව බලාගන්නම්” කියලා . ඉස්සල්ලම මන් කැමති වුනේ නැහැ දෝණි කෙනෙකුට මොකද මට අප්පච්චි තිබ්බ ආදරේ අඩුවක් වෙයි කියල . එත් පස්සේ දෝණි මන් ගාවට එනවට මන් හීන ගොඩක් දැක්කා එත් දැන් අප්පච්චිත් මගෙන් ඈත් වෙලා දෝණිත් නැහැ . අම්මිගේ පුංචි පුතත් නැහැ .
දුකක් නැහැ පැන්චියේ ..... ඔයාගේ අප්පච්චි දැන් සතුටින් . එයා එදා අම්මිට කිව්වා “කාලයත් එක්කම ඔක්කොම ප්ර ශ්න විසදෙයි .” කියලා . බලාගෙන ඉන්නම් දෝණි , මේ සේරම ප්රුශ්න විසදිලා . දෝණිගේ අප්පච්චිගේ අතේ ලස්සන මල් කැකුලක් රැදිලා ඉන්නවා බලන්න . දෝණිට අප්පච්චි ලස්සන මලක නමක් තියන්නයි කැමති වෙලා හිටියේ . අප්පච්චි එහෙම කරයි . දෝණිට ගොඩක් ආදරේ කරයි අප්පච්චි .......
මගේ දෝණිට තෙරුවන් සරණයි ,
ජේසු පිහිටයි
පරිස්සමින් . මන් දන්නවා ඔයා දැන් අප්පච්චි ගාවට වෙලා ඉන්නේ කියලා .......
මං ඔයාගේ අම්මා වෙන්න පෙරුම් පුරපු අප්පච්චිගේ පළමු වෙනි දෝණි ...

සැමවිට


නිසොල්මනේ ආයෙත් 
සඳු ඇවිත් මට සොරා 
තවරාවී මඟ දිගට ලතු 
සිප බලන්නට නෑ බිමවත් 
අඳුර තවරා ගිය නිසා
පිරිමදියි එලිය බිදිමින්
කිසිවෙකු කැටුව ආවත්
තරු යහළුවන් අතර රැඳුනත්
බොල් සිනා පැළද සිටියත්
නෙත් කොනින් දකින්නටවත්
මා එක්ක සිනාසෙන්නටවත්
ළා හිරු හොදයි හැමවිට
පොඩි රිදුම් දී දමා ගැසුවත්.....



නුනූ 

අනෝරා මල් වැස්ස

අකාලයේ
ඇද හැලුණු
අනෝරා මල් වැස්ස
ඉවක් බවක් නැතිව
කඩා හැලෙන්නට ම විය
ආශාවන් පොදි බැඳගෙන
ඇවිද ගියෙමි මම
එය මැදින් තෙමි තෙමි ...
මල් වැස්සක් වූ නමුදු
අමතකව ගියෙමි
එය අනෝරාවක් වග
එක ගෙරවුමක් සමඟ
පැමිණි විදුලියක්
අඩපණ කලේ
මගේ මුළු ජීවිතය ....


නුනූ