Monday, May 18, 2015

මල් කැකුල .....

අප්පච්චිගේ පුංචි මල් කැකුලට ......
ඔයා ඉපදෙන්නත් කලින් මාව දාලා ගියා දෝණි ... තරහක් නැහැ පුංචි දෝණි . එත් දුකයි . අප්පච්චිගෙයි අම්මිගෙයි කැමැත්ත ගොඩක් වෙනස් වෙලා තිබ්බේ දෝණි . අප්පච්චිට ඕනේ වුනේ පුංචි දෝණි කෙනෙක් . එත් අම්මිට ඕනේ වුනේ ලස්සන පුතෙක් . දෝණියාගේ අප්පච්චිගේ හැඩහුරුව තිබුන . එත් අප්පච්චි හැමවෙලේම කිව්වේ “ මට පුංචි දුවෙක් ඕනේ” කියලයි ....
ඒත් ,, අම්මිගේ කටේම තිබුනේ “නැහැ පුතෙක්. පුතාට පස්සේ අප්පච්චිට දුවෙක්” කියලා . එත් අප්පච්චිගේ කැමැත්තට අන්තිමට ඉඩ දෙන්න මට සිද්ද වුනා . දෝණි දන්නවද අප්පච්චි ඉස්සර අම්මිට විහිලු කරා . “අම්මිගේ පුත්තු තුන්දෙනා වෙනුවට දෝණිලා තුන්දෙනෙකුයි , මගේ දෝණි වෙනුවට එක පුංචි පුතෙක් හම්බුනොත් අම්මි මොකෝ කරන්නේ?” කියලා . ඒ වෙලේ මන් කිව්වේ “කමක් නැහැ. අප්පච්චි දෝණිලා තුන්දෙනා බලාගන්න මන් මගේ පුංචි පුතුව බලාගන්නම්” කියලා . ඉස්සල්ලම මන් කැමති වුනේ නැහැ දෝණි කෙනෙකුට මොකද මට අප්පච්චි තිබ්බ ආදරේ අඩුවක් වෙයි කියල . එත් පස්සේ දෝණි මන් ගාවට එනවට මන් හීන ගොඩක් දැක්කා එත් දැන් අප්පච්චිත් මගෙන් ඈත් වෙලා දෝණිත් නැහැ . අම්මිගේ පුංචි පුතත් නැහැ .
දුකක් නැහැ පැන්චියේ ..... ඔයාගේ අප්පච්චි දැන් සතුටින් . එයා එදා අම්මිට කිව්වා “කාලයත් එක්කම ඔක්කොම ප්ර ශ්න විසදෙයි .” කියලා . බලාගෙන ඉන්නම් දෝණි , මේ සේරම ප්රුශ්න විසදිලා . දෝණිගේ අප්පච්චිගේ අතේ ලස්සන මල් කැකුලක් රැදිලා ඉන්නවා බලන්න . දෝණිට අප්පච්චි ලස්සන මලක නමක් තියන්නයි කැමති වෙලා හිටියේ . අප්පච්චි එහෙම කරයි . දෝණිට ගොඩක් ආදරේ කරයි අප්පච්චි .......
මගේ දෝණිට තෙරුවන් සරණයි ,
ජේසු පිහිටයි
පරිස්සමින් . මන් දන්නවා ඔයා දැන් අප්පච්චි ගාවට වෙලා ඉන්නේ කියලා .......
මං ඔයාගේ අම්මා වෙන්න පෙරුම් පුරපු අප්පච්චිගේ පළමු වෙනි දෝණි ...

No comments:

Post a Comment